Tuesday, August 16, 2022

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ලක්ෂණ පෙන්වයි. පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා මෙම වඳුරු උණ රෝගය පිළිබඳ ලොව පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ එහි ඇති භයානක කම නිසාවෙනි. 

මෙම පළමුවරට 1968 දී වසූරිය තුරන් කළ ප්‍රදේශයක මාස නවයක් වයසැති පිරිමි ළමයකු තුළ මානව වඳුරු  රෝගය හඳුනා ගන්නා ලදී. පසුවයි 1970 වන විට අප්‍රිකානු රටවල් 11 ක මානව වඳුරු රෝගීන් වාර්තා වී ඇත. වර්තමානය වන විට Monkeypox  යන ගෝලීය මහජන සෞඛ්‍ය වැදගත්කමක් ඇති රෝගයකි. 2013 දී අප්‍රිකාවෙන් පිටත පළමු වඳුරු වසංගතය ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිත සුරතල් සුනඛයින්ගෙන්  වාර්තා වී ඇත. පසුව 2018 දී නයිජීරියාවේ  සිට ඊශ්‍රායලයේ දක්වාත් 2019 මැයි මාසයේ සිංගප්පූරුවට පැමිණි සංචාරකයින් තුළ මානව වඳුර රෝගය වාර්තා වී ඇත. 2022 මැයි මාසයේ දී ආවේණික නොවන රටවල් කීපයක වඳුරු වසංගත වසංගතය පැතිර පවතී. මෙහි ඇති භයානකම කරුණ වන්නේ ලංකාවට ආසන්නතම රාජ්‍ය වන ඉන්දියාව තුළ වඳුරු වසංගත ආසාදිත රෝගීන් බහුල වීමයි. 

මෙම රෝගයේ වන්නේ ආසාදිත ආසාදිත සතුන් ගේ රුධිරය, ශරීර තරල හෝ චර්ම හෝ ශ්ලේෂ්මල තුවාල සමඟ සමග සෘජුව සම්බන්ධ වීමෙන් සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීම සිදුවිය හැක. එමෙන්ම ආසාදිත ආසාධිත සතුන්ගේ මාංශ සහ සත්ව ආහාර ප්‍රමාණවත් ලෙස නොපිසින ලද ආහාර හෝ නිෂ්පාදන අනුභව කිරීම අවදානම් සාධකයකි. 
මිනිසාගෙන් සම්ප්‍රේෂණය  වීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වසන ශ්‍රාවයන් ආසාදිත පුද්ගලයෙකුගේ සමේ තුවාල හෝ ආසාදිත පුද්ගලයන් සමග සමීප සබඳතා පැවැත්වීමෙන් මෙම වඳුරු වසංගතය පැතිරීම සිදුවේ. 

මෙම රෝගයේ රෝග ලක්ෂණ ලෙස,  Monkeypox  රෝගයේ ආක්‍රමණ කාලය දින 0 - 5 අතර වේ. උණ, දැඩි හිසරදය, වසා ගැටිති ඉදිමීම, කොන්දේ වේදනාව, මාංශ මාංශපේෂි කැක්කුම සහ සම මත ආසාදන දැකගත හැකිය.  සම මත ඇතිවන බිබිලි පුපුරා යාම සාමාන්‍යයෙන් පළමු දින තුන ඇතුළත ආරම්භ වේ.  ඒවා කසල සුළුය. මුහුණ අත් පා ඇතුළු මුළු ශරීරයටම ආසාදනය සිදු විය හැකිය. කහ පැහැති තරලයක් ඇති තුවාල මෙහි උපරිම අවස්ථාවේ දැකගත හැකිය. පඳුරු උණ රෝගය සාමාන්‍යයෙන් සති දෙකේ සිට හතර දක්වා පවතී. 

ගෝලීය වශයෙන් වසූරිය රෝගය සදහා ලබාදුන් එන්නත් වැඩපිළිවෙල වැඩපිළිවෙළ නැවැත්වීම හේතුවෙන් මෙම වඳුරු උණ රෝගයට ගොදුරු ගොදුරු වීමට වැඩි අවධානමක් මතු වූ බව ලෝක සෞඛ්‍ය විද්වතුන්ගේ මතය යි. වඳුරු  උණ වසංගතයේ මරණ අනුපාතය ඓතිහාසිකව සාමාන්‍ය ජනගහනයෙන් 11% කි. මෑත කාලවලදී මරණ අනුපාතය 3 - 6 % පමණ වේ. 

රෝග වැළැක්වීම සදහා එන්නත්කරනය ට මේ වන විටත් යොමු වී තිබේ. මේ සඳහා වසූරිය එන්නත ඵලදායි බවට මතයක් ඇත. නමුත් 2019 දී අප්‍රිකානු රටවල නවීකරණය කරනලද කරන ලද එන්නත් මාත්‍රා ද්විත්වය  බගින් රෝගීන්ට ලබාදීමට කටයුතු කර ඇත. වර්තමානයේ බොහෝ රටවලින් එන්නත් නිෂ්පාදන සඳහා පර්යේෂණ පර්යේශණ පවත්වයි.  

වඳුරු උණ වසංගතය වැලැක්වීම වැළැක්වීම සඳහා, අවදානම් සාධක පිළිබඳ දැනුවත් කිරීම සහ වෛරසයට නිරාවරණය වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව  ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතුය. එමෙන්ම මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු කිරීම සඳහා ප්‍රජාව විසින් වගබලා ගත යුතුය.  

Read More -  Youtube video 

 https://youtu.be/njODiLNOMko  

Sunday, June 30, 2019

කෙටි කතාව

අලුත් රස්සාව.
නිකවල යාය ගම්මානය නගරයෙන් තරමක් දුර බැහැර ව පිහිටි දුෂ්කර ගමකි .එහි ඉගෙන ගත්ත උන් අවම වූ අතර ගොවිතැන හා කුලී වැඩ මගින් ද ගස් කැපීම හා ලී ඉරීම වැනි වෘත්තීන් මගින් ද ඔවුන්ගේ ජීවනෝපාය සරි විය .නමුත් ඉහත කී ජීවනෝපායන් ට අමතර ව කිසිවෙකුත් නොදන්නා රස්සාවක් ද ගම්මු කීප දෙනෙක් කරගෙන ගියේය . එනම් සොරකම යි . අවුරුදු කිහිපයක් යන විටගමේ වැඩි වශයෙන් සොරකම් කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් හෙළිදරව් වුව ද ඒවා කවුරුත් දන්නා රහසක් බවට පත් විය . බණ්ඩා පියසේන, කිරිපැටියා හා හෙනහුරා  යන තිදෙනා ප්‍රසිද්ධ දි.ලි.අ  ( දිස්ත්‍රික් ලියාපදිංචි අපරාධකරු ) බවට පත් විය . එය කෙසෙල් කැන් තුනක් වුව ද සොරකම් කිරීම නිසා පොලිසියෙන් ලැබෙන නින්දා නාමයෙකි .
“මෙහෙම නම් ඉදලා හරි යන්නේ නෑ හෙනහුරෝ. අපි තව හොඳ ගෙයක් හොයා ගන්න ඕන.”යැයි ඒ රැලේ නායකයා වූ බණ්ඩා පියසේන විසින් නිරන්තරයෙන් පවසයි. හෙනහුරා යනු බණ්ඩාට වඩා වයසින් අඩු නමුත් සොරකම පිළිබඳ මනා පුහුණුවක් හා කපටි මොළයක් ඇත්තෙකි. ඔහු වරෙක ගමේ ඉඩම්වල ආරක්ෂාවට යොදා තිබූ කටු කම්බි සොරකම් කර විකුණුවේ ය . ඒ සොරකම කිරීම සඳහා ඔහු පොහොර ගෝනියක යට කොටස කපා එයට බැස කම්බිය එක් ඉන්නකින් ගලවා තම සිරුර ආවරණය කර ඇති ගෝලීය වටේ එසේම සඳහා රවුමට කැරකැවෙමින් ඉඩම වටා ගමන් කිරීමයි . මෙම  සොරකම  ගමට හෙළිවූයේ ඔහු සොරකම හෙට කරන අතරවාරයේ පොලිසියේ අතටම හසු වීමෙනි. ඔහුට මෙම හෙනහුරා යන නාමය ලැබීමට ද ඔහු ගෙන් ගමට වන විපත් වැඩි වීම හේතුවෙනි.
මෙම දිලිඅන්ගේ කණ්ඩායමේ  අනෙක් සාමාජිකයා වූයේ කිරිපැටියා ය. වයස අවුරුදු 45 ක් පමණ වූ ඔහු බණ්ඩා හා හෙනහුරා ට වයසින් අඩු වූ තාරුණ්‍යයේ ජවය පිරි සොරෙකි. සොරකමක් හසු වූ විට අඬදබර කර ගතහොත්  කිරි පැටියා මුලින්ම ඉදිරියට යන්නේ අත පය ඉස්සර කර ගනිමිනි. ගමේ වැඩි හරියක් අඬදබර අවස්ථාවල කිරි පැටියා නොවරදින චරිතයකි. කුඩා කල සිටම ඔහුගේ  අම්මා විසින් ඇමතූ සුරතල් නාමය ම ගම්මුන් ද ඔහු ඇමතීමට යොදා ගත්තේ ය. එය පොලිස් පොත දක්වාම දිව ගිය නාමයක් වූයේ කාලයාගේ ඇවෑමෙනි.
“හේර කොළුවෝ කඩේට ගිහින් සුරුට්ටුවක් ගෙනෙන්”
“හේරා ඔය ලී කොට ටික ගෙනෙන්” යනුවෙන් නිතර ම බණ්ඩා අයියගෙන් අණ ලැබෙනුයේ හේරත් වෙත ය. ඒ ලී මඩුවේ දී ය. බණ්ඩා, හෙනහුරා හා කිරිපැටියා ගමට ප්‍රසිද්ධ කළ රස්සාව ලී ඉරීමයි. ලී මඩුවේ ගෝලයා වූ හේරත් ඔවුන්ගේ රහසිගත රස්සාව පිළිබඳව මුල් කාලයේ දැනුවත් ව නොසිටි අතර පසුව ඔහුද මේවා ටිකෙන් ටික දැන ගන්නා ලදි. නමුත් හේරත්ව කිසි දිනෙක සොරකම් සඳහා රැගෙන යාමට බණ්ඩා කැමති නොවීය.
නමුත් දින සති මාස ඇවෑමෙන් හේරත් මේ සොරුන් තිදෙනාගේ සමීප විශ්වාසවන්තයකු වූ හෙයින් ඔහුද සොරකම සඳහා කැටුව යන පළමු දිනය උදා විය. වටෙන් ගොඩින් කරුවල  වීගෙන එනවිට තමන්ගේ ගමට අල්ලපු ගමේ කරත්ත  කිහිපයක් සහිතව  සරුවට වෙළඳාම් කල වෙළෙන්දෙකුගේ නිවසක් එදින සොරකමට තීන්දු විය.
වෙළෙන්දා  ඇතුළු නිවෙසේ උදවිය රාත්‍රියේ නින්දට වැටුණ අතර නිවස ඉදිරිපිට චිමිනි ලාම්පුවේ දැල්ල තෙල් අවසන් වීමට ළඟ බවක් වන්නාක් මෙන් දුර්වලව දැවෙමින්  තිබිණ.  නිවසේ පිටුපස දොරක්  කෙසේ හෝ විවෘත කර ගත් හොරු රැල නිවසට ඇතුල් වී  විවිධ දෑ තමන් ගෙන ගිය ගෝනි වලට  පුරවා ගත්තේ කඩිමුඩියේ ය. මේ රැලට එක් වුණ නවකයා වූ හේරත්  තමන් කුමක් කල යුතු දැයි එදෙස බලා සිටියේ ය. ඒ දුටු හෙනහුරා විසින් හේරත් ට , “ අතට අහුවෙන බර බර දේවල් ගෝනියට දාගනින්  “ ලෙස පැවසුවේ ය. නිවස පුරා සෙමෙන් ඇවිදිමින් බර  දෙයක් සෙවීමට ගිය  හේරත්ට බරට යමක් හසු විය. එය පිත්තලවලින් සකසා තිබූ කරත්තවල බඳින ගවයාගේ බෙල්ලේ බඳින ගෙජ්ජි වැලයි. එය ඉහළට ඔසවනවාත් සමඟම ගෙජ්ජි වැලේ මිණිගෙඩි එක එක ගැටෙමින් විශාල ශබ්දයක් ඇසිණ. ඒත් සමගම නිදාසිටි වෙළෙන්දා හා නිවැසියන් අවදි විය . සොර රැල බියට පත් වුව ද  බඩු පිරවූ තම ගෝනි අතහැර යාමට ඇති අකමැත්ත හේතුවෙන්  පුළුවන් තරමක් ඒවා උස්සගෙන කඩිනමින් එළියට දිව ගියේ ය. දැන් සොර රැල  පිටුපස වෙළෙන්දා මෙන් ම  අහළ පහළ පිරිමි කීපදෙනෙක් ද පොලු මුගුරු රැගෙන දිව යයි . ගෙජ්ජි වැලේ ශබ්දය පසුපස ගම්මු ද දිව යයි. මද දුරක් හති දමමින් දුවන අතරතුර තමන්ට මෙවර නම් ගැලවිල්ලක් නැති බව දැන ගත් බණ්ඩා මදක් නැවතී,
“ අඩේ හේරෝ ඔය ගෙජ්ජිය විසිකරපන්.” ලෙස පැවසීය . එවිට හේරත්ට තමා විසින් කර ඇති අනුවණකම වැටහිණ.
“ බර බර දේවල් ගන්න කීව නිසයි ගත්තේ ” යනුවෙන් කියමින් හඬ නංවමින්  රැගෙන ආ ගෙජ්ජි වැල මඟ දමා දිව්වේ ය. නමුත් ඒ වැඩි දුරක් නොවේ. ගම්මු ඔවුන් අල්ලා ගත් අතර  පොලු මුගුරු සංග්‍රහයෙන් අනතුරු ව එළිවන තුරු ගස් බැඳ තබා පොලිසියට භාර කළේ ය.

Sunday, August 26, 2018

නෙළුම් මලෙන් පාඩමක්

පියුම පද්මය කියලා කියන්නේ අපි හැමෝම ආස කරන ලස්සනම ලස්සන නෙලුම් මලටයි.ඉතින් මේ නෙළුම් මල ගැන අපි නො දන්න කථාවක් කියන්නයි මම සූදානම් වෙන්නේ.

පියුම පිපෙන්නේ කොහෙද? කොහොම ද? මොන විදියට ද  කියලා කියලා  නොදන්න කෙනෙක් නැති තරම්, ඒත් මම කියන්නම් පිපෙන්නේ අපිරිසිදු ජලයෙන් පිරුණු මඩ වගුරු සහිත ජලාශ වෙලයි. නෙළුම් මල ආසාවෙන් නෙළා ගෙන අපේ අවශ්‍යතා ඉටු කර ගන්නේ ඒ ගැන පොඩ්ඩක් වත් හිතලා නෙවෙයි. නෙලුම් මලේ තියෙන සුන්දරත්වය ගැන විතරක් හිතලා සුවඳට ලස්සනට වහ වැටෙනව.

ඉතින් මේ නෙළුම් මලෙන්  අපේ ජීවිතයට ගන්න ලොකු ආදර්ශයක් තියෙනව. සොබාදහමෙන් දායාද වුනු ඒ අපූරු ඉගැන්වීම ගැන මුල් වරට හෙළි කළේ අප මහා බුදු රජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ දේශනා පරිදි "පද්මාකාර ජීවිතය " යනු අපි නෙළුම් මල ආදර්ශයට ගෙන ජීවත් වීම ලෙස හඳුන්වයි. එනම් මඩෙහි ඉපදී,මඩෙහි හැදී වැඩී , අපිරිසිදු ජලයෙන් උඩට ඇවිත් එහි නොගෑවී පත්ව සිටිනා පිවිතුරු පියුමක් මෙන් අසාධාරණ කම් වලින් පිරුණු, කුහකකමෙන් ජරා සිතුවිලි වලින් පිරුණු  මේ සමාජය තුළම ඉපදී. එහිම හැදී වැඩී නමුත් නොගැටී තම ජීවිතය යහපත් ක්‍රියාකාරකම් පමණක් සිදුකිරීම පියුමක් වැනි ජීවිතයකට මග කියන බවයි.

මෙය සොබාදහමේ පවතින සරල සංසිද්ධියක් වුවත් යතාර්ථ අවබෝධයෙන් නොකිලිටි ජීවිත ගත කිරීම මගින් පියුමක් මෙන් පියමන් කිරීමට ඔබට හැකියාව ලබාදෙයි.

Monday, August 20, 2018

ජයග්‍රහණය

දිනුම ජයග්‍රහණය කියන්නේ අපි හැමෝගෙම බලාපොරොත්තුවක් .මානවයාගේ ආරම්භයේ පටන්  ඔවුන් නිරන්තර උත්සාහයක යෙදෙන්නෙ ජයග්‍රහණය වෙනුවෙනි. ලොව ඇති බොහෝ දේ නිර්මාණය වී ඇත්තේ ජයග්‍රහණයනිසාවෙනි.

තමා සමීපයේ සිටින අනෙක් අය පරදා ජය ගැනීමටත් ,සහෝදර සහෝදරයින් මෙන් ම හිත මිතුරන් ද පරදවා තමා ජය ගැනීමට මිනිසා තුළ ඇත්තේ සැඟවුණු ආශාවකි. විභාග, තරග සමත් වීමටත්,එදිනෙදා ජීවිතයේ කටයුතු ජය  ගැනීමටත් කුඩා කල සිටම දරුවන්ට පුරුදු කිරීමට ඇතැම් දෙමාපියන් කටයුතු කරයි. " ඔයා අනිත් ළමයි පරද්දන්න ඕන " වැනි කියමනක් කුඩා දරුවෙකුගේ සිතට  ඇතුළත් කළහොත් එය ඔහුගේ ජිවිත කාලය පුරාවට බලපානු ලබන කරුනක් වේ. එම ජීවිත අසාර්ථක ය. ඔවුන් සෑම විටම ජයග්‍රහණයක් මේස පරාජය පොරොත්තු නො වේ. යම් හෙයකින් කිසියම් යමකට පරාජය වුවහොත්,තමාගේ අසාර්ථකත්වයට හේතුව කුමක් දැ යි පසු විපරම්
නොකරයි.ජයග්‍රාහකයා කෙරෙහි වෛර කිරීමට පෙළඹෙයි.එවැනි ජීවිත අද සමාජයේ බොහෝ විට හමු වෙයි. එ විට ඔවුන් නඩත්තු කරන සමාජයට එය විශාල පිළිලයකි.

ඇතැම් විටෙක පරාජය තුලින් ජයග්‍රහනයන් ලබා ගන්නා පුද්ගල ජීවිත අපට හමු වෙයි. ඔවුන් ගේ ජීවිත සාර්ථක ය. ප්‍රසිද්ධ කියමනක් වන " දිනුම වන්නේ ..... නො වැටී සිටීම නොව, වැටි වැටි නැගිටීමයි. " යන්න සැබෑ ලෙස ම ජීවිතයේ තේමාපාටය කර ගත්ත උන් ද අප අතර සිටී. දෑත් දෙපය නැත්තවුන් සේම ඇස කන නොපෙනෙන නොඇසෙන වුන්ද ජීවිතය දිනූවෝ සිටිති.
එම නිසාම පැරදෙන සෑම පියවරක් පාසාම එය ජයග්‍රහණයට නව මාවතක් ලෙස දකින්නට පුරුදු වෙමු.

Tuesday, July 31, 2018

ගොළු හදවත.

නුඹත් නිහඬයි
මමත් නිහඬයි
ඒත්
ඔබේ දෑස්
මගේ දෑස් සහ
දෙ හදවත් නිරන්තර දොඩමළුයි.
කියන්න දම්මි...
ආදරෙයිද මට
තව මොහොතක් එපා
ගොළු හදවත හිර කරන්න.....

Friday, July 27, 2018

මගේ ඇසින්...

මගේ ඇසින් 
ලොව දනින්න.

කෙටි කතාව.

සෙතක් නොවූ ශාන්තිකර්මය.
(සත්‍ය කතාවක් ඇසුරෙනි.)

‘හෙලෝ සර්, අද නැටුම් පන්ති තියෙනවද?’
‘ඔව් ළමයෝ ළමයි සේරටම කියන්ඩ හවස 4ට එන්ඩ කියලා’
‘හා හරි සර්’
ඇමතුම විසන්ධි කළ නුවන්ගේ ඊළඟ ඇමතුම වූයේ තම මිතුරා වූ සඳුන් වෙතය. ඒ අද හවස නැටුම් පන්තිය පැවැත්වෙන බව මිතුරන් සියලු දෙනා දැනුවත් කිරීමටය. හවස 4 වන විටත් ළමුන් සියලු දෙනා පන්සල වෙත රැස්ව සිටියහ. කෙල්ලන් කොල්ලන් තැන් තැන්වල කියවමින් සිටින අතරතුර කර කර නාදයෙන් ඉතා අමිහිරි වූ ශබ්දයක් හා දුමක් නංවමින් පරණ මෝටර් බයිසිකලයක් ඔවුන් ඉදිරියේ නතර  කලේ  දරුවන් සියලු දෙනා නිහඬ කරවමිනි. සුඛෝපභෝගී මෝටර් රථයක් නන්දරතන ගුරුතුමා සතුව පැවතියද කෙටි ගමන් බිමන් සඳහා තම පැරණි මෝටර් බයිසිකලයම භාවිත කරයි.

මහව කලාප අධ්‍යාපන කාර්‍යලයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන නන්දරත්න ගුරුතුමා ප්‍රදේශයේ කීර්තියක් දිනා ගත් පුද්ගයෙකි. ඔහු රැකියාවට අමතරව කලා ආයතනයක් පවත්වාගෙන යමින් දරුවන්ට නැටුම් ඉගැන්වීම සිදු කරයි. වාර්ෂිකව වෙස් තැබීමේ මංගල්‍යයක් පවත්වමින් ගමින් ගමට යයි. ඔහු සෑම වර්ෂයකම දරුවන්ට වෙස් තබන නිසා එය දැන් ව්‍යාපාර මට්ටමින් කරගෙන යන අතර වෙස් කට්ටලයේ ආභරණ හා ඇදුම් සඳහා විශාල මුදලක් වැය වන අතර, ගම්බද දරුවන් හා දෙමාපියන් ඒ පිළිබඳව වැඩි විස්තර නොදන්නා නිසාත් නන්දරත්න ගුරුතුමා  තවත් ව්‍යපාරිකයන් කීපදෙනෙකු සමඟ එක්ව  තමාගේ අතට වැඩි වාසියක් අත් වන ආකාරයට මෙම ගණුදෙනුව සිඳුකර දෙයි. රැකියාවට අමතරව කලායතනය පවත්වාගෙන යාම නිසාත්, වසර කීපයකට වරක් පවත්වන කංකාරි මඩුව නිසාත්, ඔහු තම ආදායම දෙගුණ තෙගුණ කර ගනී.
ළමයි සියලු දෙනා ධර්ම ශාලාව වෙත පැමිණ නර්ථන පුහුණු ඇදුමින් සැරසී නර්ථන පුහුණුව සඳහා “ තෙයියතත් තෙයියත් තෙයියතත් තාම්......” ලෙස අවසර ගනී. පුරුදු ලෙස නන්දරත්න ගුරුතුමාගේ ආදි සිසුන් වූ නුවන් හා සඳුන් පැමිණෙයි. ඔවුන්ගේ බෙර වාදනයෙන් හා ගුරුතුමාගේ නැටුම් ඉගැන්වීම් මගින් නවක සිසුන් පුහුණු කරනු ලබයි. මෙසේ පැමිනෙන ආදි සිසුන් හා ගුරුතුමා වේතනයක් නොගන්නා අතර නවක සිසුන්ගේ දෙමාපියන් විසින් හවස තේ පානය හා රාත්‍රී ආහාරය සැපයෙයි.

“ළමයි මම මේ අවුරුද්දේ කංකාරි මඩුව කරන්ඩයි ඉන්නෙ. ගිය අවුරුද්දේත් කරන්ඩ බැරිවුනා. මේ සැරේ හරියටම කරන්ඩ ඕනා. ඔයාලත් එනඩ ඒක බලන්ඩ.”
“කවද්ද සර් ඕක තියෙන්නේ..” සර්ගේ කතාව නොඉවසිල්ලෙන් අසා සිටි නුවන්ගේ පැනය විය.
“ලබන මාසේ විසිපස් වෙනිදා. මම දිනයක් බැලුව. මම මුදියන්සේ ගුරුන්නාන්සේ ටයි, කොතලාවල සර්ටයි, හුලුගල්ල මහත්තයටයි සේරටම කියලයි තියෙන්නේ. නුවන් ඔයාලා විසි හතර වෙනිදා  අතරගල්ල පන්සලට එන්න කංකාරි මඩුව හදන්ඩ.”
“ආ.... මට තව කොල්ලො ටිකක් ඕන, ටිකට් ඔක්කොම ගහල තියෙන්නේ. ඒවා දන්න දන්න අයට විකුනගන්නත් ඕන. මට මේ වැඩේ ගොඩ දාන්ඩ උදවුවක් දීපල්ල. මම් සලකනවනේ උබලට. ඕනනම් කංකාරි මඩුවෙ නටන්ඩත් දාල දෙන්නම්”
“හා... හරි සර් අපි ඉන්නවනේ...” යනුවෙන් නුවන් පැවසුවේ නැටුම් ඉගෙනගත් දා පටන් පොත්වල කියවා තිබූ කංකාරිය සැබෑ ලෙසම අත්දැකීමේ රිසියෙනි.
සිතුවාටත් වඩා වේගයෙන් විසිහතර වෙනිදා උදා වූයේ නුවන් ඇතුලු කොල්ලන් පිරිසට රාජකාරි ගොඩක් පවරමිනි. අතරගල්ල පන්සල පුරාවට එදින ලහි ලහියේ ඉදිවන කොහඹා යක් කංකාරි මඩුව  කොල්ලන්ට අලුත් අත්දැකීමක් විය. නන්දරත්න ගුරුතුමාගේ උපදේශන යටතේ  කංකාරි මඩුවේ දෙපැත්තට මුහුණලා යහන සහ අයිලය සැකසුණි. තවද සෑම කණුවකටම කෙසෙල් ගස් තබා ගැට ගැසීමත්, මඩුවේ වියන ලෙස අන්නාසි,අඹ, කෙසෙල් වැනි පළතුරු එල්ලීම සඳහා ගම්මුන්ගේද සහය ලැබුනේ මෙම කංකාරිය කිරීම තුළින් ගමටත් රටටත් සෙත් ශාන්ති හා සෞභාග්‍යය උදා වන බව නන්දරත්න ගුරුතුමගේ කියමනකට අනුවය. මේ සියලු කටයුතු හමාර වූයේ විසි පස්වන දා හවස් යාමය ද උදා කරමිනි.
කංකාරිය බැලීමට පැමිණි සියලු දෙනා හවස හත වනවිට අදාළ අසුන් වෙත පැමිණවීමෙන් අනතුරුව. ආරාධනා කොට ගෙන්වාගත් මුදියන්සේ ගුරුන්නාන්සේ විසින් සියලු දෙනා බලාසිටි කොහඹා යක් කංකාරිය ආරම්භ කරන ලදි.

“ ආයිබෝ වේවා....   කළ සෙත් මුදුන් වේවා.....
දෝස දුරු වේවා....     සක්‍ර මහ බඹු ආයුබෝවා....”

පන්දම් එළි ආලෝකයෙන ද  කන් දෙදටවන බෙර නාදයෙන් ද කංකාරි මඩුව ගිගුම් දුන්නේය.

මිහින්තලය අට සැට ලෙන සේල චෛත්‍යා වෙහෙරට         
අඹතලාව මිරිස වැටිය භයාගිරිය නම්          වෙහෙරට                                                                
ජය සිරිමා රුවන් වැලිය  ථූපාරාමේ                වෙහෙරට                                                               
අටමස්ථානේ හිටියත් වඩින්න දෙවි මල්           යහනට 
 
යනාදී ලෙස දේව ආරාධනය කංකාරි මඩුව තුළ කොහොඹා යක් කංකාරිය සිඳුවන අතරතුර “ සර් අද නටන්නේ නැද්ද” ලෙස නුවන්  විමසූයේ  මුදියන්සේ ගුරුන්නාන්සේ කවි කියනාසැටි බලාසිටි නන්දරත්න ගුරුතුමාගෙනි. “ නෑ කොල්ලො මම් අද නටන්නෙ නෑ. මේ අනිත් වැඩ ටික බලන්න ඕන. හා... මම් තව ටිකකින් යනව ගෙදර කට්ටිය  එක්කන් එන්න. තාම හඟල යැදීමනේ තියෙන්නේ. 

යනුවෙන් පවසා නන්දරත්න ගුරුතුමා එතැනින් පිටත් විය.  ඊට අඩහෝරාවකට පමණ පසු ඔහු නැවත කංකාරි මඩුව වෙත පැමිණියේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාද සමඟය. ශාන්තිකර්මයේ අනෙකුත් අංග වූ  මුව මල විදීම, ඌරා යක්කම ආදිය,  ශාන්තිකර්මයේ ප්‍රධාන ආතුරයන් වූ ගම්වාසීන් මෙන්ම එය නැරඹීමට පැමිණි  සියලු දෙනා ඉතා උනන්දුවෙන් රසවින්දහ. මේ සියල්ල සිඳුවන අතරවාරයේ නන්දරත්න ගුරුතුමා තම පවුලේ අය ගෙදර ඇරලැවීමට පාන්දර හතරට පමණ ගෙදර ගියේය. ඒ යන විටත් ඔවුන් කිසිදා නොසිතූ දෙයක් තම නිවස තුළ සිදුවී හමාරය. නිවස සොරු රැලක් විසින් බිද දමා තිබිණ. ඒ දුටු නන්දරත්න ගුරුතුමාට කිසිවක් කර කියා ගත නොහැකිව මොහොතකට තනි වූයේය. ගෙදර තිබූ වටිනා ආභරණ ආදිය මෙන්ම බඩූ මූට්ටු රැසක්ම ඒ වන විටත් කොල්ල කා හමාරය. නන්දරත්න ගුරුතුමා එවෙලේම පොලිස් හදිසි ඇමතුම් අංශය ඇමතීය. පසුව කංකාරි මඩුවටත් මේ බව දැනුම් දෙන ලදි. ඒ මොහොතේ පටන් ශාන්තිකර්මය අවුලෙන් අවුලට පත් වූයේ නර්තන ශිල්පීන් කංකාරිය අතරතුර නන්දරත්න ගුරුතුමාගේ ගේ නිවස වෙත යාම හේතුවෙනි.  පරීක්ෂණ කටයුතු හමාර කරන විටත්  පසුදින පෙරවරු හත පමණ විය.  නිසා නන්දරත්න ගුරුතුමාගේ ප්‍රමාදය ගැන බලාසිටි කංකාරි මඩුවේ ඈයෝ  කංකාරිය යාන්තම් අවසන් වූ පසු පාන්දර විසිරී යන්නට විය.
නන්දරත්න ගුරුතුමාට එය කබලෙන් ලිපට වැටුනා වැන්නේය. කංකාරි මඩුව අවට අලෙවි සැල් දමා සිටි උන්ගෙන් ලැබිය යුතු ලාභය ද අහිමි විය. එපමණක් නොව කංකාරි නැරඹීමට ආ පිරිසට විකිණීම සඳහා සූදානම් කර තුබූ පොත් රැසක් විකුණා ගැනීමට නොහැකිව ඉතිරි විය. තවද වීඩියෝ සහ ඡායාරූපකරුට මුදල් අත්තිකාරම් ගෙවා තිබුණ නමුත් ඔහු ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. නන්දරත්න ගුරුතුමා තම ජීවිත කාලය පුරාවට හරි හම්බ කරගත් දෑ එක රැයින් නැතිවිය. ඔහුගේ හොඳ සිහිය ද නැතිවිය. අමතර ආදායමක් ලෙස ලාභ ලැබීම සඳහා කල ශාන්තිකර්ම ද  තම ජිවිත කාලයටම මතක හිටින යමක් ඉතිරි කරන ලදි. අනතුරුව කංකාරි මඩුවට ගිය මූලික වියදම් ඔහුට අතෙන් ගෙවීමට සිදුවිය.
නන්දරත්න ගුරුතුමාට සිදුවූ මේ විපැත්තිය ගැන, නුවන් ඇතුලු කොල්ලන් රැළ විසින්  පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ දැනුවත් කල මොහොතේ පැවසුවේ ඔහු මීට පෙර කරන ලද  මුදල් වංචා  හෝ පෙර කරන ලද පාප කර්ම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බවයි.

ප්‍රදේශයේ සිටි ධනවතෙක් මෙන්ම කීර්තිමත් පුද්ගලයක් ලෙස නම දිනා සිටි නන්දරත්න ගුරුතුමා එම ශාන්තිකර්මයෙන් පසු බන්කොලොත් මිනිසෙකු බවට පත්විය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය. වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ල...