Sunday, August 26, 2018

නෙළුම් මලෙන් පාඩමක්



පියුම පද්මය කියලා කියන්නේ අපි හැමෝම ආස කරන ලස්සනම ලස්සන නෙලුම් මලටයි.ඉතින් මේ නෙළුම් මල ගැන අපි නො දන්න කථාවක් කියන්නයි මම සූදානම් වෙන්නේ.

පියුම පිපෙන්නේ කොහෙද? කොහොම ද? මොන විදියට ද  කියලා කියලා  නොදන්න කෙනෙක් නැති තරම්, ඒත් මම කියන්නම් පිපෙන්නේ අපිරිසිදු ජලයෙන් පිරුණු මඩ වගුරු සහිත ජලාශ වෙලයි. නෙළුම් මල ආසාවෙන් නෙළා ගෙන අපේ අවශ්‍යතා ඉටු කර ගන්නේ ඒ ගැන පොඩ්ඩක් වත් හිතලා නෙවෙයි. නෙලුම් මලේ තියෙන සුන්දරත්වය ගැන විතරක් හිතලා සුවඳට ලස්සනට වහ වැටෙනව.

ඉතින් මේ නෙළුම් මලෙන්  අපේ ජීවිතයට ගන්න ලොකු ආදර්ශයක් තියෙනව. සොබාදහමෙන් දායාද වුනු ඒ අපූරු ඉගැන්වීම ගැන මුල් වරට හෙළි කළේ අප මහා බුදු රජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ දේශනා පරිදි "පද්මාකාර ජීවිතය " යනු අපි නෙළුම් මල ආදර්ශයට ගෙන ජීවත් වීම ලෙස හඳුන්වයි. එනම් මඩෙහි ඉපදී,මඩෙහි හැදී වැඩී , අපිරිසිදු ජලයෙන් උඩට ඇවිත් එහි නොගෑවී පත්ව සිටිනා පිවිතුරු පියුමක් මෙන් අසාධාරණ කම් වලින් පිරුණු, කුහකකමෙන් ජරා සිතුවිලි වලින් පිරුණු  මේ සමාජය තුළම ඉපදී. එහිම හැදී වැඩී නමුත් නොගැටී තම ජීවිතය යහපත් ක්‍රියාකාරකම් පමණක් සිදුකිරීම පියුමක් වැනි ජීවිතයකට මග කියන බවයි.

මෙය සොබාදහමේ පවතින සරල සංසිද්ධියක් වුවත් යතාර්ථ අවබෝධයෙන් නොකිලිටි ජීවිත ගත කිරීම මගින් පියුමක් මෙන් පියමන් කිරීමට ඔබට හැකියාව ලබාදෙයි.

Monday, August 20, 2018

ජයග්‍රහණය


දිනුම ජයග්‍රහණය කියන්නේ අපි හැමෝගෙම බලාපොරොත්තුවක් .මානවයාගේ ආරම්භයේ පටන්  ඔවුන් නිරන්තර උත්සාහයක යෙදෙන්නෙ ජයග්‍රහණය වෙනුවෙනි. ලොව ඇති බොහෝ දේ නිර්මාණය වී ඇත්තේ ජයග්‍රහණයනිසාවෙනි.

තමා සමීපයේ සිටින අනෙක් අය පරදා ජය ගැනීමටත් ,සහෝදර සහෝදරයින් මෙන් ම හිත මිතුරන් ද පරදවා තමා ජය ගැනීමට මිනිසා තුළ ඇත්තේ සැඟවුණු ආශාවකි. විභාග, තරග සමත් වීමටත්,එදිනෙදා ජීවිතයේ කටයුතු ජය  ගැනීමටත් කුඩා කල සිටම දරුවන්ට පුරුදු කිරීමට ඇතැම් දෙමාපියන් කටයුතු කරයි. " ඔයා අනිත් ළමයි පරද්දන්න ඕන " වැනි කියමනක් කුඩා දරුවෙකුගේ සිතට  ඇතුළත් කළහොත් එය ඔහුගේ ජිවිත කාලය පුරාවට බලපානු ලබන කරුනක් වේ. එම ජීවිත අසාර්ථක ය. ඔවුන් සෑම විටම ජයග්‍රහණයක් මේස පරාජය පොරොත්තු නො වේ. යම් හෙයකින් කිසියම් යමකට පරාජය වුවහොත්,තමාගේ අසාර්ථකත්වයට හේතුව කුමක් දැ යි පසු විපරම්
නොකරයි.ජයග්‍රාහකයා කෙරෙහි වෛර කිරීමට පෙළඹෙයි.එවැනි ජීවිත අද සමාජයේ බොහෝ විට හමු වෙයි. එ විට ඔවුන් නඩත්තු කරන සමාජයට එය විශාල පිළිලයකි.

ඇතැම් විටෙක පරාජය තුලින් ජයග්‍රහනයන් ලබා ගන්නා පුද්ගල ජීවිත අපට හමු වෙයි. ඔවුන් ගේ ජීවිත සාර්ථක ය. ප්‍රසිද්ධ කියමනක් වන " දිනුම වන්නේ ..... නො වැටී සිටීම නොව, වැටි වැටි නැගිටීමයි. " යන්න සැබෑ ලෙස ම ජීවිතයේ තේමාපාටය කර ගත්ත උන් ද අප අතර සිටී. දෑත් දෙපය නැත්තවුන් සේම ඇස කන නොපෙනෙන නොඇසෙන වුන්ද ජීවිතය දිනූවෝ සිටිති.
එම නිසාම පැරදෙන සෑම පියවරක් පාසාම එය ජයග්‍රහණයට නව මාවතක් ලෙස දකින්නට පුරුදු වෙමු.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය. වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ල...