Sunday, June 30, 2019

කෙටි කතාව

අලුත් රස්සාව.
නිකවල යාය ගම්මානය නගරයෙන් තරමක් දුර බැහැර ව පිහිටි දුෂ්කර ගමකි .එහි ඉගෙන ගත්ත උන් අවම වූ අතර ගොවිතැන හා කුලී වැඩ මගින් ද ගස් කැපීම හා ලී ඉරීම වැනි වෘත්තීන් මගින් ද ඔවුන්ගේ ජීවනෝපාය සරි විය .නමුත් ඉහත කී ජීවනෝපායන් ට අමතර ව කිසිවෙකුත් නොදන්නා රස්සාවක් ද ගම්මු කීප දෙනෙක් කරගෙන ගියේය . එනම් සොරකම යි . අවුරුදු කිහිපයක් යන විටගමේ වැඩි වශයෙන් සොරකම් කරන පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් හෙළිදරව් වුව ද ඒවා කවුරුත් දන්නා රහසක් බවට පත් විය . බණ්ඩා පියසේන, කිරිපැටියා හා හෙනහුරා  යන තිදෙනා ප්‍රසිද්ධ දි.ලි.අ  ( දිස්ත්‍රික් ලියාපදිංචි අපරාධකරු ) බවට පත් විය . එය කෙසෙල් කැන් තුනක් වුව ද සොරකම් කිරීම නිසා පොලිසියෙන් ලැබෙන නින්දා නාමයෙකි .
“මෙහෙම නම් ඉදලා හරි යන්නේ නෑ හෙනහුරෝ. අපි තව හොඳ ගෙයක් හොයා ගන්න ඕන.”යැයි ඒ රැලේ නායකයා වූ බණ්ඩා පියසේන විසින් නිරන්තරයෙන් පවසයි. හෙනහුරා යනු බණ්ඩාට වඩා වයසින් අඩු නමුත් සොරකම පිළිබඳ මනා පුහුණුවක් හා කපටි මොළයක් ඇත්තෙකි. ඔහු වරෙක ගමේ ඉඩම්වල ආරක්ෂාවට යොදා තිබූ කටු කම්බි සොරකම් කර විකුණුවේ ය . ඒ සොරකම කිරීම සඳහා ඔහු පොහොර ගෝනියක යට කොටස කපා එයට බැස කම්බිය එක් ඉන්නකින් ගලවා තම සිරුර ආවරණය කර ඇති ගෝලීය වටේ එසේම සඳහා රවුමට කැරකැවෙමින් ඉඩම වටා ගමන් කිරීමයි . මෙම  සොරකම  ගමට හෙළිවූයේ ඔහු සොරකම හෙට කරන අතරවාරයේ පොලිසියේ අතටම හසු වීමෙනි. ඔහුට මෙම හෙනහුරා යන නාමය ලැබීමට ද ඔහු ගෙන් ගමට වන විපත් වැඩි වීම හේතුවෙනි.
මෙම දිලිඅන්ගේ කණ්ඩායමේ  අනෙක් සාමාජිකයා වූයේ කිරිපැටියා ය. වයස අවුරුදු 45 ක් පමණ වූ ඔහු බණ්ඩා හා හෙනහුරා ට වයසින් අඩු වූ තාරුණ්‍යයේ ජවය පිරි සොරෙකි. සොරකමක් හසු වූ විට අඬදබර කර ගතහොත්  කිරි පැටියා මුලින්ම ඉදිරියට යන්නේ අත පය ඉස්සර කර ගනිමිනි. ගමේ වැඩි හරියක් අඬදබර අවස්ථාවල කිරි පැටියා නොවරදින චරිතයකි. කුඩා කල සිටම ඔහුගේ  අම්මා විසින් ඇමතූ සුරතල් නාමය ම ගම්මුන් ද ඔහු ඇමතීමට යොදා ගත්තේ ය. එය පොලිස් පොත දක්වාම දිව ගිය නාමයක් වූයේ කාලයාගේ ඇවෑමෙනි.
“හේර කොළුවෝ කඩේට ගිහින් සුරුට්ටුවක් ගෙනෙන්”
“හේරා ඔය ලී කොට ටික ගෙනෙන්” යනුවෙන් නිතර ම බණ්ඩා අයියගෙන් අණ ලැබෙනුයේ හේරත් වෙත ය. ඒ ලී මඩුවේ දී ය. බණ්ඩා, හෙනහුරා හා කිරිපැටියා ගමට ප්‍රසිද්ධ කළ රස්සාව ලී ඉරීමයි. ලී මඩුවේ ගෝලයා වූ හේරත් ඔවුන්ගේ රහසිගත රස්සාව පිළිබඳව මුල් කාලයේ දැනුවත් ව නොසිටි අතර පසුව ඔහුද මේවා ටිකෙන් ටික දැන ගන්නා ලදි. නමුත් හේරත්ව කිසි දිනෙක සොරකම් සඳහා රැගෙන යාමට බණ්ඩා කැමති නොවීය.
නමුත් දින සති මාස ඇවෑමෙන් හේරත් මේ සොරුන් තිදෙනාගේ සමීප විශ්වාසවන්තයකු වූ හෙයින් ඔහුද සොරකම සඳහා කැටුව යන පළමු දිනය උදා විය. වටෙන් ගොඩින් කරුවල  වීගෙන එනවිට තමන්ගේ ගමට අල්ලපු ගමේ කරත්ත  කිහිපයක් සහිතව  සරුවට වෙළඳාම් කල වෙළෙන්දෙකුගේ නිවසක් එදින සොරකමට තීන්දු විය.
වෙළෙන්දා  ඇතුළු නිවෙසේ උදවිය රාත්‍රියේ නින්දට වැටුණ අතර නිවස ඉදිරිපිට චිමිනි ලාම්පුවේ දැල්ල තෙල් අවසන් වීමට ළඟ බවක් වන්නාක් මෙන් දුර්වලව දැවෙමින්  තිබිණ.  නිවසේ පිටුපස දොරක්  කෙසේ හෝ විවෘත කර ගත් හොරු රැල නිවසට ඇතුල් වී  විවිධ දෑ තමන් ගෙන ගිය ගෝනි වලට  පුරවා ගත්තේ කඩිමුඩියේ ය. මේ රැලට එක් වුණ නවකයා වූ හේරත්  තමන් කුමක් කල යුතු දැයි එදෙස බලා සිටියේ ය. ඒ දුටු හෙනහුරා විසින් හේරත් ට , “ අතට අහුවෙන බර බර දේවල් ගෝනියට දාගනින්  “ ලෙස පැවසුවේ ය. නිවස පුරා සෙමෙන් ඇවිදිමින් බර  දෙයක් සෙවීමට ගිය  හේරත්ට බරට යමක් හසු විය. එය පිත්තලවලින් සකසා තිබූ කරත්තවල බඳින ගවයාගේ බෙල්ලේ බඳින ගෙජ්ජි වැලයි. එය ඉහළට ඔසවනවාත් සමඟම ගෙජ්ජි වැලේ මිණිගෙඩි එක එක ගැටෙමින් විශාල ශබ්දයක් ඇසිණ. ඒත් සමගම නිදාසිටි වෙළෙන්දා හා නිවැසියන් අවදි විය . සොර රැල බියට පත් වුව ද  බඩු පිරවූ තම ගෝනි අතහැර යාමට ඇති අකමැත්ත හේතුවෙන්  පුළුවන් තරමක් ඒවා උස්සගෙන කඩිනමින් එළියට දිව ගියේ ය. දැන් සොර රැල  පිටුපස වෙළෙන්දා මෙන් ම  අහළ පහළ පිරිමි කීපදෙනෙක් ද පොලු මුගුරු රැගෙන දිව යයි . ගෙජ්ජි වැලේ ශබ්දය පසුපස ගම්මු ද දිව යයි. මද දුරක් හති දමමින් දුවන අතරතුර තමන්ට මෙවර නම් ගැලවිල්ලක් නැති බව දැන ගත් බණ්ඩා මදක් නැවතී,
“ අඩේ හේරෝ ඔය ගෙජ්ජිය විසිකරපන්.” ලෙස පැවසීය . එවිට හේරත්ට තමා විසින් කර ඇති අනුවණකම වැටහිණ.
“ බර බර දේවල් ගන්න කීව නිසයි ගත්තේ ” යනුවෙන් කියමින් හඬ නංවමින්  රැගෙන ආ ගෙජ්ජි වැල මඟ දමා දිව්වේ ය. නමුත් ඒ වැඩි දුරක් නොවේ. ගම්මු ඔවුන් අල්ලා ගත් අතර  පොලු මුගුරු සංග්‍රහයෙන් අනතුරු ව එළිවන තුරු ගස් බැඳ තබා පොලිසියට භාර කළේ ය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය. වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ල...